News and Events

Find out what's new from LNBTI

May 16, 2021

Teacher Training Programme for Japanese Language School Teachers

The Japanese Language Teacher Training Program organized by Lanka Nippon BizTech Institute(LNBTI),with the objective of improving the Japanese cultural knowledge and teaching methods of Sri Lankan Japanese language school teachers was successfully concluded last Saturday (May 8).

More than 80 Advanced Level Japanese language teachers from all over the country participated in this program which was conducted online every Saturday for almost 3 consecutive months from 13th February to 8th May 2021.

 Programmed was coordinated by Prof. Ananda Kumara, Founding Dean, Faculty of foreign studies at Meijo University Japan.

Professor Natsuko Ikeda (Faculty of Foreign Studies, Meijo University, Japan) gave her fullest support and guidance as the main resource person of this training program.

 Under this program, the teachers were given the necessary training to teach the lessons of Japanese culture in the Advanced Level Japanese Language Curriculum in a comprehensive manner while understanding the challenges that arise in teaching the culture of another country to Sri Lankan students.

 Throughout the training, many important topics such as Japanese food culture, festivals, customs, Japanese house designs, rituals, Ikebana (Japanese floral art), and sado (tea ceremony) were discussed. In addition, special training sessions were conducted involving professionals of Japanese cultural events such as Japanese weddings, funerals, kabuki, No drama, as well as Japanese comics(Manzai).

 As a training program which answered the problems faced by A/L Japanese language teachers in teaching culture based lessons, this program was highly appreciated by all the parties.

ජපන් භාෂා පාසල් ගුරු පුහුණු වැඩසටහන

ශ්‍රී ලාංකික ජපන් භාෂා පාසල් ගුරුවරුන්ගේ ජපන් සංස්කෘතිකමය දැනුම හා ඉගැන්වීම් ක්‍රම වැඩි දියුණු කිරීම අරමුණින්, LNBTI ආයතනය විසින් සංවිධානය කර පවත්වනු ලැබූ ගුරු පුහුණු වැඩසටහන පසුගිය සෙනසුරාදා (මැයි8 වනදා) සාර්ථකව අවසන් කෙරිණි.

2021 පෙබරවාරි 13 වනදින සිට මැයි 8වනදා දක්වා මාස 3කට ආසන්න කාලයක් අඛණ්ඩව සෑම සෙනසුරාදා දිනකම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවත්වූ මේ වැඩසටහන සඳහා දිවයිනේ නන්දෙසින් උසස්පෙළ ජපන් භාෂා ගුරුවරුන් 80කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

මෙය,ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යයන පීඨයේ ආරම්භක පීඨාධිපති, මහාචාර්ය ආනන්ද කුමාර මැතිතුමාගේ මූලිකත්වය යටතේ, LNBTI ආයතනය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස මෙයිජෝ විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යයන පීඨයේ මහාචාර්ය නට්සුකෝ ඉකෙදා මහත්මිය  පූර්ණ සහයෝගය හා මග පෙන්වීම ලබා දුන්නාය.

මෙම වැඩසටහන යටතේ උසස්පෙළ ජපන් භාෂා විශය නිර්දේශය තුල පවතින ජපන් සංස්කෘතියට අදාළ විශය කරුණු පුළුල් ලෙස ඉගැන්වීම මෙන්ම වෙනත් රටක සංස්කෘතියක් තමන්ගේ රටේ සිසුන්ට ඉගැන්වීමේදී ඇතිවන අපහසුතා අවබෝධ කරගනිමින් එම විශය කරුණු ප්‍රායෝගික ලෙස සිසුන්ට ඉගැන්වීමට අවශ්‍ය පුහුණුව ගුරුවරුන් හට ලබා දෙන ලදී.

මෙම පුහුණුව පුරාවටම ජපන් ආහාර සංස්කෘතිය, උත්සව, සිරිත් විරිත්, ජපන්  ගෘහ  ආකෘති, ආචාරවිධි , ඉකෙබන (ජපන් මල් කලාව), සදෝ(ටී සෙරමනි) වැනි අංග පිලිබඳ බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කරන ලදී. තවද හා ජපන් විවාහ, අවමඟුල්, කබුකි, නෝ වැනි ජපන් සංස්කෘතිකාංග මෙන්ම ජපන් හාස්‍ය කතා(මන්සයි) වැනි අංග පිලිබඳ වෘත්තීය මට්ටමේ දැනුම ඇති සම්පත් දායකයින්වද සම්බන්ධ කරගනිමින් විශේෂ පුහුණු සැසියන්ද පැවත්විණ.

ජපන් භාෂා ගුරුවරුන් වශයෙන් මුහුණ දෙනු ලැබූ කාලීන ප්‍රශ්නයකට විසඳුමක් වශයෙන් ජපන් සංස්කෘතික දැනුම ව්‍යාප්ත කිරීම් අරමුණු කරගත්  මේ වැඩසටහන ගුරුවරුන් සැමගේ අතිමහත් පැසසුමට ලක්විය.