News and Events

Find out what's new from LNBTI

Feb 24, 2024

මේජෝ විශ්ව විද්‍යාලයේදී ජපානයේ ගෝලීය නිපුණතා සංවිධානයේ (JAGCE) දසවන සංවත්සරය සැමරීම

පෙබරවාරි 24 වැනිදා තෝකියෝ නගරයේ මේජෝ විශ්ව විද්‍යාලයේදී ජපානයේ ගෝලීය නිපුණතා සංවිධානයේ (JAGCE) දසවන සංවත්සරය සැමරීම සඳහා විශේෂ සමුළුවක් පැවැත්වූවා. එහිදී මේජෝ විශ්ව විද්‍යාලයේ උපකුලපති වන ධෛරොකුනො මහාචාර්යතුමාගේද, Lanka Nippon BizTech Institute හි උපකුලපති වන ආනන්ද කුමාර මහාචාර්යවරයාගේද සහභාගීත්වයෙන් “ජපානය සමග ලෝකය සම්බන්ධ කිරීම: විශ්ව විද්‍යාල දෙකක උපකුලපතිවරුන්ගේ සාකච්ඡාවක්” යන තේමාව ඔස්සේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට මේ විශ්වවිද්‍යාල දෙකෙහි උපකුලපතිවරුන්ට ආරාධනා කිරීමට ප්‍රධාන හේතුව වී තිබුණේ, මහාචාර්ය ධෛරොකුනො මැතිතුමා 2021 වර්ෂ්යේදීත්, මහාචාර්ය ආනන්ද කුමාර මැතිතුමා 2023 වර්ෂ්යේදීත්, ජපානයේ විදේශ ඇමතිතුමාගේ සම්මානයෙන් පිදුම් ලැබ සිටීමයි.

Verified by MonsterInsights