News and Events

Find out what's new from LNBTI

Jan 15, 2022

LNBTI 5S Challenge

5S ක්‍රමවේදය:

5S ක්‍රමවේදය ව්‍යුත්පන්න වී ඇත්තේ “S” අකුරින් ආරම්භ වන ජපන් පද පහකින් ය. 5S ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අප අවට පරිසරය ඉතා පිලිවෙලට, පිරිසිදුව සහ ආරක්ෂිතව සකසා ගැනීමට මග පෑදෙයි. එමඟින් අපගේ එදිනෙදා ක්‍රියාකාරකම්වල ඵලදායිතාව ඉහළ නංවා ගත හැකි අතර, කටයුතු පහසුවෙන් සහ සතුටින් ඉටුකිරීමට ද අවස්ථාව ලැබේ. 5S ක්‍රමවේදයන් අනුගමනය කිරීම මගින් සංවිධානාත්මක බව සහ ස්වයං විනය යන ගුණාංග අපගේ ජීවිතය තුළ ස්වභාවයෙන්ම ගොඩ නැගෙන අතර එය අපගේ පෞරුෂ වර්ධනයට ද මහත් රුකුලක් වේ. එනිසා එවන් වටිනා ක්‍රමවේදයක් පිළිබඳව දැනුවත් වීම සහ අනුගමනය කිරීම ළමා සහ වැඩිහිටි සැමදෙනාටම එක ලෙස වැදගත් වේ.

  • Seiri (සංස්කරණය): අවශ්‍ය ද්‍රව්‍ය, අනවශ්‍ය ද්‍රව්‍ය වලින් වෙන් කිරීම සහ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම.
  • Seiton (සුපිළිවෙල): භාවිතයේ පහසුව සඳහා උපාංග පිළිවෙලට සකස් කිරීම සහ හඳුනා ගැනීම.
  • Seiso (සුපිරිසිදු): පිරිසිදු කිරීම.
  • Seiketsu (සම්මත): අප අවට පරිසරය පරිපූර්ණ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා seiri, seiton සහ seiso ක්‍රියාවලිය නොකඩවා අනුගමනය කිරීම.
  • Shitsuke (සංවරය): සෑම විටම පළමු S හතර අනුගමනය කිරීමේ පුරුද්ද හා විනය ඇති කර ගැනීම.

LNBTI 5S Challenge වැඩසටහන

LNBTI 5S Challenge යනු, ජීවිතයේ ගුණාත්මකභාවය  සහ ක්‍රියාකාරකම් වල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා “5S සංකල්පය” යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ සහ උත්ප්‍රේරණය කිරීමේ වැඩසටහනකි.

LNBTI 5S Challenge වැඩ සටහනේ අරමුණු

  • 5S සංකල්පය සහ එය  අනුගමනය කිරීමෙන් ඇති ප්‍රයෝජන පිළිබඳව සමාජය දැනුවත් කිරීම.
  • ජනතාවට 5S සංකල්පය අනුගමනය කිරීමට හුරු කිරීම සහ දිරිමත් කිරීම.
  • 5S සංකල්පය තුළින් ජනතාවගේ පෞරුෂ සංවර්ධනය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට සඳහා අඩිතාලමක් දැමීම.
  • 5S සංකල්පය අනුගමනය කිරීම සඳහා යොදන පරිශ්‍රමය අගය කිරීම.

LNBTI 5S Challenge ගැන

අයදුම්කරුවන්ට ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම පරිසරයකට 5S ක්‍රමවේදය ක්‍රියාත්මක කර එම ව්‍යාපෘතියේ විස්තර, සහ අත්දැකීම් වීඩියෝවක් ඔස්සේ අප වෙත ඉදිරිපත් කළ යුතුය.


LNBTI 5S Challenge නීති සහ රෙගුලාසි

1. අයදුම්කරුවන්ට පාසල් හෝ විවෘත කාණ්ඩවලින් එකක් තෝරාගත හැක.

2. අයදුම්කරුවන්ට තනි හෝ කණ්ඩායම් ලෙස ඕනෑම අභියෝග ගණනකට සහභාගී විය හැක.

3. පාසල් කාණ්ඩය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ වයස් සීමාව අවුරුදු 6 – 18 විය යුතුය.

4. අපේක්ෂකයින් තෝරාගත හැකි කාණ්ඩ පහත දැක්වේ:


05.අයදුම්කරුවන් ඉහත ඕනෑම කාණ්ඩයක් සදහා මිනිත්තුවක (1) විඩියෝවක් ඉදිරිපත් කළ යුතුය.

06.පහත කරුණු විඩියෝවේ  ඇතුළත් කල යුතුය.

         •  5S සන්කල්පය යෙදීමට පෙර හා පසු දිස්වන ආකාරය.

         •  5S අයදුම් කිරීමට පෙර ගැටලු.

         •  5S සන්කල්පය අයදුම් කිරීමේදී මුහුණ දෙන අභියෝග.

         •  5S සන්කල්පය යෙදීමෙන් පසු ප්‍රතිලාභ.

07. විඩියෝවේ දර්ශන වලින් පිළිඹිඹු වන කරුණු  සිංහල හෝ ඉංග්‍රීසි  භාෂාවෙන් උපසිරැසි (subtitle) ලෙස හෝ කටහඬ යොදවා ඉදිරිපත් කළ යුතුය.

08. විඩියෝවේ දර්ශන, උපසිරැසි හා කටහඬ ඉතා පැහැදිලි හා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් තිබිය යුතුය.

09. විඩියෝව YouTube Short වෙත උඩුගත කල යුතු අතර සබැඳිය (link) පහත 5S  අභියෝග ලියාපදින්චි කිරීමේ පෝරමය ඔස්සේ එවිය යුතුය.

10. ලියාපදින්චිය සදහා අවසාන දිනය 2021 දෙසැම්බර් 31 වේ.

11. ඉදිරිපත් කරන ලද විඩියෝව 5S වැඩසටහන සමග ලියාපදින්චි වු පසු LNBTI – YouTube නාලිකවෙන් shear කරනු ලැබේ.


ජයග්රහකයින් තෝරා ගැනීම

හොදම හා වඩාත් ජනප්‍රිය විඩියෝව තෝරා ගනු ලැබේ. ජයග්‍රහකයින් හා සහභාගිවන්නන්ට වටිනා සහතිකයක් ලැබේ.

      • හොදම විඩියෝව විනිසුරු මඩුල්ලක් හරහා තොරාගනු ලැබේ.

      • YouTube සහ Instagram මගින් ලබාගන්නා views, likes, shares, rating මත පදනම්ව වඩාත් ජනප්‍රිය විඩියෝව තොරා ගනු ලැබේ.

වැඩි විස්තර සදහා අමතන්න:  0765544500

    Register for 5 S Challenge

    Select Category
    Select Challenge Number (Please refer above category table)
    Individual/ Group
    DOWNLOAD THE APPLICATION FOR GROUP
    (Please download the application, fill and resubmit)
    Upload the Application
    Name / Name of Group Leader
    Age
    School
    Mobile Number
    WhatsApp Number
    Email Address
    Link for the video

    Please contact for more information: 076 5544 500