News and Events

Find out what's new from LNBTI

Mar 31, 2021

නිහොන් ස්ටාර් – ජපන් කලා කුසලතා තරඟාවලිය 2021

ජපානය හා සම්බන්ධ විවිධ අංශ යටතේ විවිධ දක්ෂතා දැක්වීම තුළින් ආශ්චර්යමත් ජපන් සංස්කෘතිය විදහා දැක්වීමට ප්‍රථම වරට  ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉදිවන වේදිකාවයි.

තරඟාවලියේ අරමුණු :

  • ජපාන සම්ප්‍රදායන් පදනම් කරගනිමින් ඉදිරිපත් කරනු ලබන විවිධ කුසලතා මගින් ආශ්චර්යමත් ජපන් සංස්කෘතිය විදහා දැක්වීම.
  • ජපානය, භාෂාව සහ සංස්කෘතිය අගය කරන තරුණ ප්‍රජාවක් ගොඩනැගීම.
  • ජපාන සංස්කෘතිකාංග සඳහා කුසලතා දක්වන තරුණ තරුණියන් හට වේදිකාවක් නිර්මාණය කිරීම.

තරඟ කාණ්ඩ

ලලිත කලා කාණ්ඩය (Fine Arts Category)

  • ඉකෙබන – Ikebana
  • ශොදෝ – Calligraphy
  • ඔරිගමි මෝස්තර සෑදීම  – Origami
  • ක්යර  බෙන් –  Kyara ben
  • නිර්මාණාත්මක රචනා – Creative writing
  • හයිකු නිර්මාණය – Haiku creation

ප්‍රාසාංගික කලා කාණ්ඩය (Performing Arts Category)

  • නැටුම් –  Dancing
  • ගායනය  – Singing
  • රකුගො  – Rakugo
  • කථික තරඟ –  Speech in Japanese
  • කොස්ප්ලේ – Cosplay

වයස් කාණ්ඩ : වයස අවු.15-25 අතර තරඟකරුවන්ට සහභාගී විය හැකිය.

සියලු ම තරඟකරුවන් සදහා තරඟය පිළිබද සවිස්තරාත්මක විග්‍රහයක් :

https://www.facebook.com/events/755592905077641/?active_tab=discussion

තරඟයේ ආකෘතිය හා නීති රීති පිලිබඳ විස්තර

ජයග්‍රාහකයන් තේරීම:

දක්ෂතම ඉදිරිපත් කිරීම සඳහා ජයග්‍රාහකයන් තොරාගනු ලබයි.

සෑම ජයග්‍රාහකයකු සදහා ම වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

සියලු තරඟකරුවන්ට සහභාගිවීම වෙනුවෙන් ද වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

තරඟ ආකෘතිය :

පළමු වටය

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි “ප්‍රාසාංගික කලා” අංශයේ වීඩියෝ උඩුගත කරන අවසාන දිනය අප්‍රේල් 17 රාත්‍රී 12.00 දක්වා කල් දමන ලදී.

“ප්‍රාසාංගික කලා” අංශයට තරඟ කරන අපේක්ෂකයින් අප්‍රේල් 17 දින වන විට පළමු තරඟකාරී වටය සදහා ස්වකීය තරඟ අංශයට අදාළ වීඩියොව ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර, LNBTI නිල වෙබ් අඩවිය වෙත එම සබැඳිය (Google Link) උඩුගත (upload) කළ යුතු ය.

  • “ලලිත කලා” අංශයට තරඟ කරන අපේක්ෂකයින් අප්‍රේල් 19 දින සිට තරඟය සදහා වන තම ඉදිරිපත් කිරීම සජීවීව ඉදිරිපත් කළ යුතුය. (තරඟ කාලය හා Zoom link, විද්‍යුත් තැපෑල හා WhatsApp ඔස්සේ දැනුම් දෙනු ලැබේ).

Fine Arts Event Timetable

  • විනිශ්චය මණ්ඩලය විසින් සෑම අංශයකින්ම දෙවන වටයට සුදුසුකම් ලබා ඇති තරඟකරුවන් පහත පරිදි ප්‍රකාශයට පත් කරනු ඇත:
    • “ප්‍රාසාංගික කලා” අංශය – අප්‍රේල් 23 දින
    • “ලලිත කලා” අංශය – මැයි 01 දින

දෙවන වටය

  • “ප්‍රාසාංගික කලා” අංශයට තරඟ කරන පළමු වටයේ සුදුසුකම් ලත් තරඟකරුවන් ඔවුන්ගේ දෙවන තරඟකාරී වටය සදහා අදාළ වීඩියෝව මැයි පළමු දින දිනය වන විට ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර LNBTI නිල වෙබ් අඩවිය වෙත එම සබැඳිය (Google Link) උඩුගත (upload) කළ යුතු ය.
  • “ලලිත කලා” අංශයට තරඟ කරන පළමු වටයේ සුදුසුකම් ලත් තරඟකරුවන්, ඔවුන් සදහා වෙන් කරන ලද වෙලාව මත පදනම්ව මැයි 10 දින වන දින දෙවන තරඟ වටයට අදාළ සජීවී ඉදිරිපත් කිරීම  ඉදිරිපත් කළ යුතු ය. (කාලය නිල විද්‍යුත් තැපෑල මගින් නිවේදනය කරනු ලැබේ).
  • විනිශ්චය මණ්ඩලය විසින් තරඟකරුවන් ඉදිරිපත් කරන ලද දක්ෂතාවයන් අනුව තරඟයේ ජයග්‍රාහකයන් නම් කරනු ලැබේ.

තරඟ නීති රීති සහ කොන්දේසි

  • තරඟකරුවන් හට ප්‍රාසාංගික කලා හෝ ලලිත කලා යන අංශවලින් ඕනෑම අංශයක් තෝරාගත හැක.
  • “ප්‍රාසාංගික කලා” අංශයේ තරඟ කරන තරගකරුවන් තම ඉදිරිපත් කිරීමෙහි සත්‍යතාව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වීඩියෝව  පැහැදිලිව පටිගත කළ යුතුය.
  • “ලලිත කලා” කාණ්ඩයට තරඟ කරන තරගකරුවන් නියමිත වේලාවට තම ඉදිරිපත් කිරීම සජීවී ව ඉදිරිපත් කළ යුතු ය.
  • ඒක පුද්ගල හෝ කණ්ඩායම් වශයෙන් තරඟය සදහා අයදුම්පත් යොමු කළ හැක.
  • “ප්‍රාසාංගික කලා” අංශයට තරඟ කරන තරඟකරුවන්ගේ වීඩියෝවෙහි කාලය මිනිත්තු 5 නොඉක්මවිය යුතුය.
  • “ලලිත කලා” අංශයට තරඟ කරන තරඟකරුවන් ඔවුන්ගේ සජීවී ඉදිරිපත්කිරීමේ දී කාලය මිනිත්තු 15 කට නොඅඩු විය යුතුය.
  • තේමාව – ඕනෑම ඉදිරිපත් කිරීමක් නිශ්චිත අංශ සදහා මෙන් ම ජපානයට ද අදාළ විය යුතු ය.

වැඩි විස්තර සඳහා :  077 336 0000

“ප්‍රාසාංගික කලා” (“Performing Arts”) අංශයට තරඟ කරන අපේක්ෂකයින් ස්වකීය තරඟ අංශයට අදාළ වීඩියොව ඔවුන්ගේ Google Drive වෙත උඩුගත (upload) කර, පහත පෝරමය ඔස්සේ එම සබැඳිය (Google Link) අප වෙත එවිය යුතුය. එම වීඩියෝව බාගත කරගැනීමට nihonstar@edu.lnbti.lk යන e-mail ලිපිනයට අවසර  ලබා දිය යුතුය.  (අවසාන දිනය : බොහෝ දෙනාගේ  ඉල්ලීම පරිදි වීඩියෝ උඩුගත කරන  අවසාන දිනය අප්‍රේල් 17 රාත්‍රී 12.00 දක්වා කල් දමන ලදී.)

Demonstration video: https://www.youtube.com/watch?v=JZTaK6T08TE

    Submit "Performing Arts" Category Videos

    Select Event

    Solo/ Group
    DOWNLOAD THE APPLICATION FOR GROUP
    (Please download the application, fill and resubmit)
    Upload the Application
    Name / Name of Group Leader
    Age
    School
    Mobile Number
    WhatsApp Number
    Email Address
    Link for the video
    Access for the video should be given to "nihonstar@edu.lnbti.lk" email address