News and Events

Find out what's new from LNBTI

Mar 13, 2021

The 1st Asia & Pacific Island-Culture Exchange Program for the Youth 2021

The 1st Asia & Pacific Island-Culture Exchange Program for the Youth is successfully held on 13th March 2021 via on zoom which is organized by Prof. Ananda Kumara, Meijo University & Prof. Uchida, Meisei University. The main objective of the program is to develop the island friendship among three nations and create mutual understanding among their cultures. The programme consists of an introduction to the islands and presentations of traditional music/dance performances with brief explanations in English & Japanese languages.

This platform provided an excellent opportunity for Sri Lankan students to take part in this event to gain experience and confidence in working with other nations. This will no doubt strengthen the relationship among the three countries. At the forum Royal College & Gothami Balika Vidyalaya, Colombo, represented Sri Lanka, while Kikai Sr. Highschool, Wan Elementary School represented Japan and College of the Marshall Islands & Assumption school represented Marshal Island.

Click here to watch the Rupavahini Lama Puwath telecasting

යෞවනයන් සඳහා වන පළමු ආසියා සහ පැසිෆික් දූපත්-සංස්කෘතික හුවමාරු වැඩසටහන 2021

යෞවනයන් සඳහා වන පළමු ආසියා සහ පැසිෆික් දූපත්-සංස්කෘතික හුවමාරු වැඩසටහන 2021 මාර්තු 13 වන දින Zoom තාක්ෂණය ඔස්සේ සාර්ථකව පවත්වන ලදී. මෙය මෙයිජෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද කුමාර සහ මීසෙයි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උචිඩා විසින් සංවිධානය කරන ලදී. දූපත් ජාතීන් තුනක් අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහන එම දූපත් පිළිබඳ හැඳින්වීමක් සහ ඉංග්‍රීසි සහ ජපන් භාෂාවලින් කෙටි පැහැදිලි කිරීම් සහිත සාම්ප්‍රදායික සංගීත, නර්තන ප්‍රසංග ඉදිරිපත් කිරීමකින් සමන්විත විය.

මෙ මගින් ශ්‍රී ලාංකික සිසුන්හට  විදේශීය සිසුන් සමඟ වැඩ කටයුතු කිරීමේ අත්දැකීම් සහ අවබොධය ලබා ගැනීම සඳහා අනගි අවස්ථාවක් උදා වූ අතර එමගින් රාජ්‍යයන් අතර මිත්ත්‍රත්වය ද ශක්තිමත් විය. සමුළුවේ දී කොළඹ රාජකීය විද්‍යාලය සහ ගෝතමි බාලිකා විද්‍යාලය ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර Kikai Sr. Highschool, Wan Elementary School සහ College of the Marshall Islands, Assumption school පිළිවෙලින් ජපානය සහ මාෂල් දූපත නියෝජනය කරන ලදී.

මේ සම්බන්ධව රූපවහිනී ළමා පුවත් සදහා මෙතැනින් පිවිසෙන්න